குடியுரிமை சாசனம்

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික සාහිත්‍ය  කලා මහෝත්සවයට සමගාමීව කැස්බෑව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මගින් පවත්වනු ලැබූ  කැස්බෑව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය "සාහිත්‍ය අභිමන් 2022" නමින් 2022.11.09 දින කැස්බෑව නගර සභා ශාලාවේදී පැවැත්වුණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී ප්‍රේමදාස මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් පූර්ණිමා එන් වික්‍රමරත්න මහත්මියගේ  පූර්ණ අධීක්ෂණය යටතේ  මෙම සාහිත්‍ය  උලෙළ පැවැත්වූ අතර, ප්‍රාදේශීය සාහිත්‍ය තරග වලින් ජය ලැබූ පාසල් හා විවෘත අංශයන් සදහා ත්‍යාග බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරුනි.
 
එමෙන්ම ප්‍රවීණ නාට්‍යවේදී නීතිඥ  ඩග්ලස් සිරිවර්ධන  මහතා ඇතුළු පිරිස විසින් වේදිකා නාට්‍ය විකාශනය පිළිබඳ දේශනයක්ද පැවැත්වීය.
 
තවද කොට්ඨාසයේ  කලාකරුවන් පස්දෙනකු සාහිත අභිමන් සම්මානයෙන් පිදුම් ලැබීය.
🔸සිනමා ලේඛක ඈෂ්ලි මැල්කම් රත්නවිභූෂණ මහතා
🔸සංගීත ශිල්පී හසිතා තුෂාරි ගුණරත්න මිය
🔸චිත්‍ර මූර්ති ශිල්පී සුමිත් අක්මීමන මහතා
🔸රංගන ශිල්පිනී නිලංගනී පෙරේරා මිය
🔸රංගන ශිල්පී මිහිර සිරිතිලක මහතා සම්මානයට පාත්‍ර විය.
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිල දරුවන්ගේ රංගනය, ගායනය ආදි කලා කෞශල්‍යන්ගෙන් මෙම කලා මහෝත්සවය උත්කර්ෂවත් විය.
 
සාහිත්‍ය මහෝත්සවය සදහා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,කැස්බෑව නගර සභා සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා,ගයාන් ද මැල් මහතා,පිලියන්දල සිංහ සමාජයේ සිංහ සභාපති චන්දුල හදුගොඩ මහතා  ඇතුළු සිංහ සාමාජිකයින්, හා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීට සහභාගී වූ අතර  අනුග්‍රහය දැක්වූයේ  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,පිලියන්දල සිංහ සමාජයේ සිංහ සභාපති චන්දුල හඳුගොඩ මහතා හා ගයාන්ද මැල් මහතා විසිනි.

News & Events

26
டிச2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
டிச2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

குடியுரிமை சாசனம்

Scroll To Top