බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවේ සහයෝගයෙන් "සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම 2025.08.22 වන දින ප.ව 7.30 සිට පසුදින පහන් වනතුරු පිළියන්දල චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සිදු කලහ.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සම්මානිත මහාචාර්ය ආරියරත්න කළු ආරච්චි මහතා සහ ප්‍රවීණ නර්තන ශිල්පීන් මෙම කෝලම් නාටක රග දැක්වීය.
සමාජයෙන් වියැකී යන දේශීය සංස්කෘතිකාංග සුරක්ෂිත කිරීම හා ජනගත කිරීම,ක්‍රමිකව සමාජයෙන් දුරස්ථ වන කෝලම් මඩු ජනතාවට රස විඳීමට අවස්ථාව සැලසීම හා ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීම,නර්තනය හදාරන කලායතන හා පාසල් සිසුන්ට න්‍යායාත්මකව ලැබෙන දැනුම ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව සැලසීම ,දේශීය කලාංග මතු පරපුරට දායාද කිරීම මෙහි අරමුණ විය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මෙයගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බස්නාහිර පලාත් සංස්කෘතික නිලධාරී ලලනී එස් ප්‍රේමසිරි මිය විසින් මෙම කෝලම් මඩුවෙහි සියලූම කටයුතු සංවිධානය කරන ලදී.
මේ සදහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයන්හි ගරුතර සංඝරත්නය , කිතුනු පියතුමන්,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා,ආණ්ඩුකාර ලේකම් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විජේතිලක මහතා,ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ මහත්මිය,බස්නාහිර පළාත් සභා ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධනය මහත්මිය, බස්නාහිර පළාත් සභා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් මේනකා මහත්මිය,කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා , කැස්බෑව නගර සභා සභාපති චාමර මද්දුම කළුගේ මහතා ,බොරලැස්ගමුව නගර සභා සභාපති ප්‍රදීප් වෙදමුල්ල මහතා,කැස්බෑව නගර සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන්,කොට්ඨාසයේ රාජ්‍ය ආයතනන නිලධාරීන් ,කලාකරුවන් ,කලායතන වල දරුවන්,පාසල් සිසුන්,අනුග්‍රාහකත්වය දැක්වූ සියලූම ආයතන ප්‍රධානීන්,කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,කාර්යාල නිලධාරීන් සහභාගි විය.




















