උතුම් නිකිණි පුන් පොහොය නිමිති කර ගනිමින් කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, ඉෂංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ මග පෙන්වීම යටතේ සමාජ සේවා අංශයේ, රෙජිස්ට්‍රාර් අංශයේ, හැඳුනුම්පත් අංශයේ නිලධාරින්ගේ සහ අස්වැසුම, ලේඛනාගාර හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින්ගේ අනුග්‍රහයෙන් 2025.08.13 දින ධර්ම දේශනාමය පින්කමක් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.
බම්බලපිටිය වජිරාරාමවාසී, වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය, මීගොඩ සුඛිත හිමිපාණන් වහන්සේ සුමධුර ධර්ම දේශනාවක් සිදු කළසේක.
මේ සඳහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුලු සියලුම නිලධාරිහු සහභාගි වූහ. එසේම කැස්බෑව වැඩිහිටි කමිටු සාමාජිකයෝද සද්ධර්ම ශ්‍රවණය සඳහා පැමිණ සිටියහ.





බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයෙහි අනුග්‍රහයෙන්
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා
කැස්බෑව නගර සභාවෙහි සහයෝගයෙන්
පවත්වනු ලබන
සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය සංදර්ශනය
ප්‍රවීන ඇදුරුමඩුල්ලක් විසින්
2025 අගෝස්තු මස 22 වන දින ප.ව.7.30 සිට පසුදින පහන් වන තුරු පිළියන්දල නගර සභා ක්‍රීඩාංගනයේදී රඟ දැක්වේ.
නැරඹීමට ඔබ සැමට ආරාධනා
2025 නව වසරේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් 2025.01.01 දින කැස්බෑව ප්‍රදේශීය ලේකම් කේ.පී පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියළු නිලධාරින් එක්ව ජාතික කොඩිය ඔසවා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙන ලදී.
ඉන් අනතුරුව කිරි උතුරවා පිරිත් සජ්ජායනය කර මහා සංඝරත්නය විසින් නිලධාරින් වෙත ආශිර්වාද කලහ.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.අයි. ඕපනායක මෙය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ගේ සුරතින් කිරිබත් හා රස කැවිලි ලබාදෙමින් ලෙන්ගතුකමින් නව වසර සැමරහ. එමෙන්ම තම සේවාවන් පුළුල් කරමින් ඉදිරියේදී තම ප්‍රාදේශයේ ජනතාව සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් ඉටුකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කළහ..


.
සිංහල දමිළ අලුත් අවුරුද්ද යනු සුර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රාන්තිය පමණක් නොවෙයි ......
"එය නව ආරම්භයක ආදරයෙන් පිරුණු උත්සවයකි."
අපේ සම්ප්‍රදායන්, උරුමයන්, පරම්පරාවන්,
ජාතික සහජීවනය එක් වු
සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනස්ම අරුතක් ලබන කාලයකි.
මෙම නව වසර ඔබටත්, ඔබේ පවුලේ සැමටත්
සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුන්දර අලුත් ආරම්භයක් වේවායි
කැස්බෑව ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලුමදෙනාගේම ඒකායන පැතුම වේ🙏
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
SinhalaTamilNewYear2025 #සුභඅලුත්අවුරුද්දක්# #Kesbewads# #NewBeginnings#

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් උදෙසා "ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක්" කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ හා දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී 2025.08.15 දිනපවත්වන ලදී.
සංවර්ධන ව්‍යාපෘතීන් වලට අදාළව ව්‍යාපෘතීන් සකස් කිරිමේදී හා ඒවා ක්‍රියාත්මක කිරිමේදී සංවර්ධන නිළධාරින් සහ ක්ෂේත්‍ර නිළධාරින්ට පැන නගින ගැටළු සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ විය.
මෙහිදී කාර්යාල ක්‍රම පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය විසින් ද ව්‍යාපාති සකස් කිරිම, ක්‍රියාත්මක කිරිම පිළිබඳව සහ පැන නගින ගැටළු පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදිම දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා විසින් සිදුකරන ලදී.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) මාලක මධුෂංක මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය ඇතුළුව කැස්බෑව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් සහ ක්ෂේත්‍ර නිලධාරින් සහභාගි විය.




























