අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන් අවසන් වේ. තවමත් ඔබගේ තොරතුරු යාවත්කාලීන කර නොමැති නම් පහත සඳහන් ක්‍රම තුනෙන් ඔබට හැකි ක්‍රමයක් ඔස්සේ තොරතුරු යාවත්කාලීන කිරීම කළ හැක.

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා කොලොන්නාව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කැස්බෑව කොට්ඨාසයේ වසම්හි අනුග්‍රාහකභවතුන් හා ජනතාවගේ සහය ඇතිව පිසූ ආහාර, ජල බෝතල් ,වියලි ආහාර ලබා දීම මෙම දිනයන්හි අඛන්ඩව සිදු කරනු ලබයි..
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම ප්‍රජා සත්කාරය සහකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මෙය, මාණ්ඩලික නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කාර්යාල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂන හා සංවර්ධන සහකාර නිලධාරීන් සහාය දක්වනු ලබයි.



මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන 2025.08.19 වන දින පෙ.ව 8.30. සිට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මැතිතුමා , කැස්බෑව නාගරික මන්ත්‍රී වරුන්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ,එස්.එම්.පියතිස්ස මහතා , මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් , කේ. ජි.එච්.එච්.ආර් කිරිඇල්ල මහතා , නියෝජ්‍ය අධ්යක්ෂ (මහජන රැකියා සේවය ) ශානිකා මායාදුන්නේ මහත්මිය,
කැස්බෑව ප්‍රාදේශිය ලේකම් ඉෂංකා ඩි.කේ.උඩවත්ත මහත්මිය ,සහකාර ප්‍රාදේශිය ලේකම් ඒ.අයි.ඕපනායක මෙනවිය , කොලඹ දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරින් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරින් සහභාගි විය
මෙහිදි, රැකියාවක් හා වෘත්තිය පුහුණු , ස්වයං රැකියා යොමු කිරිම් ආදි වශයෙන් අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන් 500ට අධික ප්‍රමාණයක් වැඩසටහන සඳහා සහභාගි විය.
පෞද්ගලික අංශයේ දේශීය රැකියා ආයතන , විදේශ රැකියා නියෝජිත ආයතන , වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන , කැස්බෑව කුඩා ව්‍යාපාර අංශය, විදාතා අංශය හා තරුණ සේවා , නිපුණතා අංශය වැනි ආයතන රාශියකගේ සහභාගිත්වයෙන් වැඩසටහන පැවැත්විය.
එහිදී, තරුණ පිරිස සඳහා, පෞද්ගලික රැකියා විදේශ රැකියා අවස්ථාවන් සහ වෘත්තීය පුහුණු අවස්ථාවන්, උසස් අධ්‍යාපන අවස්තාවන් , ස්වයං රැකියා පිලිබඳ යොමු කිරිම් හා දැනුවත් කිරිම් ආදිය සඳහා සහයෝගී ප්‍රවේශ පහසුකම් ලබා දි තිබිණි.

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවේ සහයෝගයෙන් "සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම 2025.08.22 වන දින ප.ව 7.30 සිට පසුදින පහන් වනතුරු පිළියන්දල චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සිදු කලහ.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සම්මානිත මහාචාර්ය ආරියරත්න කළු ආරච්චි මහතා සහ ප්‍රවීණ නර්තන ශිල්පීන් මෙම කෝලම් නාටක රග දැක්වීය.
සමාජයෙන් වියැකී යන දේශීය සංස්කෘතිකාංග සුරක්ෂිත කිරීම හා ජනගත කිරීම,ක්‍රමිකව සමාජයෙන් දුරස්ථ වන කෝලම් මඩු ජනතාවට රස විඳීමට අවස්ථාව සැලසීම හා ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීම,නර්තනය හදාරන කලායතන හා පාසල් සිසුන්ට න්‍යායාත්මකව ලැබෙන දැනුම ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව සැලසීම ,දේශීය කලාංග මතු පරපුරට දායාද කිරීම මෙහි අරමුණ විය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මෙයගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බස්නාහිර පලාත් සංස්කෘතික නිලධාරී ලලනී එස් ප්‍රේමසිරි මිය විසින් මෙම කෝලම් මඩුවෙහි සියලූම කටයුතු සංවිධානය කරන ලදී.
මේ සදහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයන්හි ගරුතර සංඝරත්නය , කිතුනු පියතුමන්,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා,ආණ්ඩුකාර ලේකම් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විජේතිලක මහතා,ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ මහත්මිය,බස්නාහිර පළාත් සභා ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධනය මහත්මිය, බස්නාහිර පළාත් සභා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් මේනකා මහත්මිය,කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා , කැස්බෑව නගර සභා සභාපති චාමර මද්දුම කළුගේ මහතා ,බොරලැස්ගමුව නගර සභා සභාපති ප්‍රදීප් වෙදමුල්ල මහතා,කැස්බෑව නගර සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන්,කොට්ඨාසයේ රාජ්‍ය ආයතනන නිලධාරීන් ,කලාකරුවන් ,කලායතන වල දරුවන්,පාසල් සිසුන්,අනුග්‍රාහකත්වය දැක්වූ සියලූම ආයතන ප්‍රධානීන්,කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,කාර්යාල නිලධාරීන් සහභාගි විය.






















