කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින්  පාසල් උපකරණ බෙදාදීම 2022 වැඩසටහන 2022.10.19 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 73හි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 73ක්  තෝරාගෙන පාසල් උපකරණ කට්ටල මෙහිදී බෙදා දුන්හ.
 
ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනයට සමගාමීව වැඩිහිටියන් දුම්වැටි මධ්‍යසාර සඳහා යොදවන මුදල වසම්වල සමෘද්ධි  නිලධාරීන්, සමිති නිලධාරීන්, සමෘද්ධි  කළමණාකරන නිලධාරීන් සමාජ සංවර්ධන නිලධාරීන්   විසින් එකතු කිරීමෙන් ලබාගන්නා මුදල් මගින් මෙම පාසල් උපකරණ කට්ටල ලබා ගන්නා ලදී..
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ .පී  පේමදාස මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැස්බෑව  සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මඟින් වැඩසටහන සංවිධානය කළ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා එන්. වික්‍රමරත්න මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි  අධ්‍යක්ෂ ,කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු,  සමෘද්ධි  ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරු, සමෘද්ධි  මූලස්ථාන කළමනාකාරිණිය ,සමෘද්ධි  බැංකු කළමණාකරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදු කරන ලදී.
 

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top