කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් උදෙසා "ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක්" කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ හා දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී  2025.08.15 දිනපවත්වන ලදී.
සංවර්ධන ව්‍යාපෘතීන් වලට අදාළව ව්‍යාපෘතීන් සකස් කිරිමේදී හා ඒවා ක්‍රියාත්මක කිරිමේදී සංවර්ධන නිළධාරින් සහ ක්ෂේත්‍ර නිළධාරින්ට පැන නගින ගැටළු සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ විය.
මෙහිදී කාර්යාල ක්‍රම පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය විසින් ද ව්‍යාපාති සකස් කිරිම, ක්‍රියාත්මක කිරිම පිළිබඳව සහ පැන නගින ගැටළු පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදිම දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ  සුජිත් බණ්ඩාර මහතා විසින් සිදුකරන ලදී.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) මාලක මධුෂංක මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය ඇතුළුව කැස්බෑව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් සහ ක්ෂේත්‍ර නිලධාරින් සහභාගි විය.

 

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top