කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ග්‍රාම නිලධාරී මිත්‍රත්ව සංසදය මගින් පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය 2025.08.03 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ ප්‍රධානත්වයෙන් වේදිකාගත කලහ..
මේ සදහා ප්‍රාදේශීය ලේකම්වරුන්,කැස්බෑව සහ බොරලැස්ගමුව නගරසභා සභාපතිවරුන්,මාණ්ඩලික නිලධාරීන්,කාර්යාලයේ නිලධාරීන් ,මහජනතාව සහභාගී විය..

 

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අදහසක් අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක දිසාපති කුසලාන 2022 තරගාවලියේ නෙට්බෝල් තරගාවලිය 2022.09.11 දින රත්මලාන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සත්කාරකත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  ක්‍රීඩාංගණයේදී  දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණි.
 
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්  14 ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අනු ශුරතාවය දිනා ගනු ලැබූයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ‍සචිනි ජයතිලක මහත්මියගෙ නායකත්වයෙන් තරගවැදි, ක්‍රීඩා නිලධාරී ලක්ෂි ප්‍රබෝධනී මහත්මිය ඇතුලු  නෙට්බෝල් කණ්ඩායමයි.
 
ශූරතාවය දිනාගනු ලැබූයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නෙට්බෝල්  කණ්ඩායම විසිනි.
 
අනුශූරතාවය දිනා ගත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නෙට්බෝල් කණ්ඩායම හට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී පේමදාස මහතා,සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්නිමා එන් වික්‍රමරත්න මහත්මිය ඇතුළු කාර්යාල නිලධාරීන් විසින් සුබපැතුම් එක් කලහ...
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අදහසකට  අනුව කොළඹ දිස්ත්‍රික්ය තුළ ක්‍රියාත්මක දිසාපති කුසලාන 2022 තරගාවලියේ බැට්මින්ටන්   තරගාවලිය 2022.10.15 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සත්කාරකත්වයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී  දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණි.
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්  14 ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ 
💐කාන්තා කේවල ශූරතාවය,
💐පිරිමි කේවල අනුශූරතාවය,
💐කාන්තා යුගල ශුරතාවය,
💐පිරිමි යුගල ශුරතාවය
💐කාන්තා පිරිමි මිශ්‍ර ශූරතාවය
හිමිකරගනිමින් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායම අතිවිශිෂ්ට ජයක් සනිටුහන් කලහ.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී පේමදාස මහාතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්නිමා එන් වික්‍රමරත්න මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැට්මින්ටන් කණ්ඩායම වෙත එක් කලහ.
 
 

කොළඔ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන 

“ වර්ණ රාත්‍රිය ”

2022 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දින 

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී 

Voice of Colombo අවසන් වටයේ තරග වැදුණු ජනප්‍රිය ගායන තරු පිරිවරා 

අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික සාහිත්‍ය  කලා මහෝත්සවයට සමගාමීව කැස්බෑව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මගින් පවත්වනු ලැබූ  කැස්බෑව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය "සාහිත්‍ය අභිමන් 2022" නමින් 2022.11.09 දින කැස්බෑව නගර සභා ශාලාවේදී පැවැත්වුණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී ප්‍රේමදාස මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් පූර්ණිමා එන් වික්‍රමරත්න මහත්මියගේ  පූර්ණ අධීක්ෂණය යටතේ  මෙම සාහිත්‍ය  උලෙළ පැවැත්වූ අතර, ප්‍රාදේශීය සාහිත්‍ය තරග වලින් ජය ලැබූ පාසල් හා විවෘත අංශයන් සදහා ත්‍යාග බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරුනි.
 
එමෙන්ම ප්‍රවීණ නාට්‍යවේදී නීතිඥ  ඩග්ලස් සිරිවර්ධන  මහතා ඇතුළු පිරිස විසින් වේදිකා නාට්‍ය විකාශනය පිළිබඳ දේශනයක්ද පැවැත්වීය.
 
තවද කොට්ඨාසයේ  කලාකරුවන් පස්දෙනකු සාහිත අභිමන් සම්මානයෙන් පිදුම් ලැබීය.
🔸සිනමා ලේඛක ඈෂ්ලි මැල්කම් රත්නවිභූෂණ මහතා
🔸සංගීත ශිල්පී හසිතා තුෂාරි ගුණරත්න මිය
🔸චිත්‍ර මූර්ති ශිල්පී සුමිත් අක්මීමන මහතා
🔸රංගන ශිල්පිනී නිලංගනී පෙරේරා මිය
🔸රංගන ශිල්පී මිහිර සිරිතිලක මහතා සම්මානයට පාත්‍ර විය.
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිල දරුවන්ගේ රංගනය, ගායනය ආදි කලා කෞශල්‍යන්ගෙන් මෙම කලා මහෝත්සවය උත්කර්ෂවත් විය.
 
සාහිත්‍ය මහෝත්සවය සදහා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,කැස්බෑව නගර සභා සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා,ගයාන් ද මැල් මහතා,පිලියන්දල සිංහ සමාජයේ සිංහ සභාපති චන්දුල හදුගොඩ මහතා  ඇතුළු සිංහ සාමාජිකයින්, හා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීට සහභාගී වූ අතර  අනුග්‍රහය දැක්වූයේ  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,පිලියන්දල සිංහ සමාජයේ සිංහ සභාපති චන්දුල හඳුගොඩ මහතා හා ගයාන්ද මැල් මහතා විසිනි.

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top